Loading..

කුවේටය ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳීසිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 35 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අනුව කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වීසා නොමැතිව රැදීසිටි ගෘහ සේවිකාවන් 33 දෙනෙකු සහ ගෘහ සේවකයින් දෙදෙනෙකු ඊයේ උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට යොමුකර ඇති බව සඳහන්ය.



from TODAY NEWS LK https://ift.tt/erEISan
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.