Loading..

ජනපනි රොෂාන්ව එළියට දමද්දී සජිත් වඩිවෙල්ව එළියට දමයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වඩිවෙල් සුරේශ් මහතා සදහන් කළේ පස්සර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට දේශපාලනයේ විශාල බලාපොරොත්තුවක් ඉදිරියේ දී හිමිවනු ඇති බවය.

මේ අතර සමගි ජනබලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය මහතා පත් කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/SDAyYHk
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.