Loading..

කුසගින්නේ හඬන දරුවන්ට කන්න දෙන්න ගස්ලබු තුනක් සොරකම් කළ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්

කුසගින්නේ හඬන තම දරුවන්ට ආහාර ලෙස දීමට ගස්ලබු ගෙඩි තුනක් අන්සතු ඉඩමකින් සොරා ගත් පුද්ගලයෙකුට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 50,000ක දඩ හා ශරීර ඇපයක් මත නිදහස් කර තිබේ.

එළැඹෙන නොවැම්බර 27 දා නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

දින ගණනක් තිස්සේ තම දරුවන්ට නිසි ලෙස ආහාරයක් ලබාදීමට බැරිවූ නිසා තමන් මෙසේ කල බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මගින් අධිකරණය හමුවේ සඳහන් කළේය.

හක්මන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුට ගෙන අධිකරණය ඉදිරිපත් කර තිබිණි. (lankacnews)



from TODAY NEWS LK https://ift.tt/DYsEg40
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.