ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මිය ගිය සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය ඊයේ (09) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේය.
දේහය භාරගැනීම සඳහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති, 13 හැවිරිදි දුව, 09 හැවිරිදි පුතා, ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ.
මෙම සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (11) වෙන්නප්පුව, තුලාවෙල, මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
මේ අතර සුජිත් බණ්ඩාර වෙනුවෙන්, ලබාදිය හැකි සියලු වන්දි මුදල් හා දීමනාවන් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එමෙන්ම ඊශ්‍රායල් රජය විසින් යුද්ධයෙන් මියගිය පුද්ගලයින් වෙත ලබාදීමට කටයුතු කරන සියලු වන්දි මුදල් හා දීමනාවන් සුජිත් මහතා වෙනුවෙන්ද ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට කාර්යාංශය මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවද සඳහන් කරයි.
from TODAY NEWS LK https://ift.tt/LdQYcSa
via IFTTT


