Loading..

උත්සව සමයේ බිත්තර හා කුකුළු මස් මිල

උත්සව සමයේදී බිත්තර මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ධීවර, පශු සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිෂ්පාදන ප්‍රමාණයන් පිළිබදව සංඛ්‍යාත්මක දත්ත ලබාගෙන ඉදිරියේ එම නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පුරෝකතනයන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.



from TODAY NEWS LK https://ift.tt/NFrune0
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.