Loading..

සිරි සමන්තභද්‍ර හිමි මල්වතු මහා නා හිමිගෙන් දෙපා වැඳ දෙවැනි වරටත් සමාව ගනී

පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ.

පසුගිය (31)වනදා මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමි වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ(01) ඊයේ මාධ්‍ය හමුවක දී සඳහන් කළහ.

ඒ අනුව ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමිට පොරොන්දු වූ බව ද අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කරති.



from TODAY NEWS LK https://ift.tt/AbkdpDs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.