Loading..

වැඩිපුරම අපයෝජනයට ලක්වන්නේ පොලිසියයි – ඩලස්

මෙම වසර තුළ හමුදාවේ 27,000ක පිරිසක් ඉවත්වීමට හේතුව සොයාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අයවැය කාරක සභා විවාදයට ඊයේ (23) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ,

“දේශපාලකයින්ට පසුව වැඩියෙන්ම බැණුම් අහන කණ්ඩායම ඉන්නේ පොලීසියේ. අනෙක් කරුණ ඉතිහාසය පුරාම දේශපාලකයින් විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් වේ නම් ඒ තමයි පොලීසිය.”

“යුද හමුදාවේ දෙවනියාගේ (යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි) තනතුරේ ඔක්තෝබර් 13 සිට මේ දක්වා දින 40ක් පුරප්පාඩු වෙලා තිබෙනවා. මේ නිසා හමුදාවන් ඇතුළේ ගැටලුවක් මතුවෙලා.

“පොලිස්පති ධුරයටත් ඒක තමයි වෙලා තියෙන්නේ.”

“ඒ වගේම 2023 වසර තුළදී යුද හමුදාව ඇතුළේ 27,000කට ආසන්න පිරිසක් සේවය අත්හැර ගිහින් තිබෙනවා. එක්කෝ විශ්‍රාම ගිහින්. නැතිනම් සේවය අතහැර ගිහින්. එක්කෝ ඉල්ලා අස්වෙලා. ඒ කියන්නේ මොනාහරි ගැටලුවක් තිබෙනවා. ඒක හොයන්න ඕනේ.”

“මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකට සාහසික මනුෂ්‍ය ඝාතන 50ක් පමණ සිදුවෙනවා. ඒ කියන්නේ පැය 14කට වරක් එක මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා.”

“නීතියේ ප්‍රමාදය පොලීසිය පාලනය කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. පොලීසියේ භෞතික පහසුකම්වල විශාල කඩාවැටීමක් සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පොලීසියට රාජකාරී කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. මේවා හදාගත්තේ නැත්නම් තත්ත්වය තවත් බරපතළ වෙයි”



from TODAY NEWS LK https://ift.tt/N0lMZKb
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.