Loading..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ලොක්කා හදිසියේම ලංකාවට පැමිණීමට තීරණය කරයි! පැමිණෙන හේතුව මෙන්න!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලු, එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කර ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට යොමුකළ ඊමේල් පණිවිඩයකට පිළිතුරු ලබා දෙමින් මෙලෙස දැනුම් දී ඇති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවේ නිලධාරීන් දෙදෙනකුගේ දැඩි විරෝධය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දීර්ඝ කර තිබෙන බවත් අනෙකුත් නිලධාරීන් යම් සහනයක් ලබා දීමට කැමැත්ත පළ කළත් එම නිලධාරීන් දෙදෙනා හේතු දෙකක් මත ඊට විරුද්ධ වී ඇති බවත් සඳහන්.

එනම් ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර රගර් සහ පාපන්දු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධව ඔවුන් දෙදෙනා අත්දැකීමෙන් දැන සිටීමත් එසේම ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමෙන් පසුව එය විසුරුවා නොහැර තබාගෙන ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමත් යන කාරණා දෙක නිසා ඔවුන් දෙදෙනා විරුද්ධ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකෙරෙන දේශපාලනමය අතපෙවීම තවදුරටත් අධ්‍යයනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/rjDb7oU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.