මේ දවස්වල රටේම පුවත් මවන හැඩ වැඩ ඇති තරුණ කටකාර ඇමැති කෙනෙකුට සම්බන්ධ පවුලේ කෙනෙකුගේ බරපතළ වාහන ජරමරයක් ගැන ආරක්ෂක අංශ සෙවුම් බැලුම් පටන් අරන්ලු.
මේකෙ අලුත්ම ප්‍රතිඵලය දඹුල්ල පැත්තේ රථගාලක රඳවා තිබුණු රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් අත්අඩංගුවට ගැනීම කියලයි ආරංචි.
මේ වාහනයේ නාමික හිමිකරු අපි කියන දේශපාලුතුමාගේ සහෝදරයෙක් කියලා කියවෙනවා. ඒත් වාහන බිස්නස්වලට සම්බන්ධ මේ ඇමතිතුමා ඔය කියන වාහනයේ සැබෑ හිමිකරු බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබිලා. ඒ නිසා ශීඝ්‍ර විදිහට මේකෙ අගමුල සොයන්න පටන් අරන්ලු. වැඩේ හරියට මාට්ටු වුණොත් දැනටත් ගිනි කන්දක් උඩ ඉන්න ඇමැති සයිස් මහත්තයාගේ පුටුව ඉක්මනටම පෙරළෙන්න පුළුවන් කියලා දූෂමාණ ආරංචියක් යවනවා.
(source – deshaya)
from TODAY NEWS LK https://ift.tt/JIF9quG
via IFTTT


