Loading..

දරුවාගේ සැත්කමට ගත් ණය පියවා ගත නොහැකිව රැකියා ස්ථානයේ ගබඩාව කැඩූ පියා

සිය දරුවගේ සැත්කමක් සදහා හිතවතෙකුගෙන් ලබාගෙන තිබුණය මුදලක් පියවීමට සිය රැකියාව කළ ස්ථානයේ ගබඩාව කඩා එහි තිබූ රුපියල් 350,000කට වැඩි වටිනාකමක් ඇති දේපළ සොරකම් කළ හිටපු යුධ හමුදා විශේෂ කාර්‍ය බළකායේ සෙබලෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් 25 දා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සෙබලෙකු ලෙස කටයුතු කරමින් සිටියදී, විනය හේතූන් මත සේවයෙන් ඉවත් කරන ලද ඇඹිලිපිටිය පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

සැකකාර පුද්ගලයා යුධ හමුදා සේවයේ යෙදි සිටියදී නිවාස දෙකක් කොල්ලකෑමේ චෝදනා මත ඇඹිලිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු වරද කරු වීම හේතුවෙන් ඔහුට වසර 09ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ඇඹිළිපිටිය මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඒ අනුව සැකකාර පුද්ගලයා 2017 වසරේ සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිට 2023 පෙබරවාරි මස නිදහස් වී පැමිණ ඇති අතර, එලෙස දඬුවම් කාලය අවසන්ව පැමිණ ඇති සැකකරු හම්බන්තොට, නාගස්වැව පිහිටි පුද්ගලික ආරක්ෂක අංශයකට අයත් ගොවිපොලක ආරක්ෂක නිළධාරීයෙකු ලෙස මාස කිහිපයක් සේවය කරමින් සිටියදී ඉන් ඉවත් කර තිබෙනවා.

පසුව සැකකරු නාගස්වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ලබාගෙන තිබූ ණය මුදල අදාල පුද්ගලයා විසින් නැවත ඉල්ලා සිටීම නිසා එය පියවීමට ඔහු සේවයෙන් ඉවත් කළ ගොවිපලේ ගබඩාව පසුගිය 24 දින රාත්‍රියේ කඩා එහි තිබූ භාණ්ඩ සොරා ගෙන ණය මුදල වෙනුවට සිය හිතවතාට එම බඩු ලබා දී තිබුණේ තමාට දීමට මුදල් නොමැති බවත්, ඒ වෙනුවට තමාට අයත් මෙම භාණ්ඩ තබාගන්නා ලෙසත් පවසමින් බවයි වාර්තාකරු පවසන්නේ.

සිය ගොවිපළේ ගබඩාව කඩා කිසියම් අයෙකු බඩු පැහැරගෙන ගොස් ඇති බවට ගොවිපලේ කළමණාකරු විසින් හම්බන්තොට වරාය පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබු අතර, ඒ අනුව සිදුකල විමර්ශන වලදී සැකකාර හමුදා සෙබලා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්ණ කිරීමේදී සොරකමට සම්බන්ධ සියළු තොරතුරු පාපොච්චාරණය කර තිබෙනවා.

එහිදී සැකකරු පවසා ඇත්තේ තමන්ගේ දරුවාගේ සැත්කමක් සිදුකිරීමට සිය හිතවතෙකුගෙන් ණය මුදලක් ඉල්ලා ගත් බවත්, එය පියවා ගැනීමට නොහැකි වීම නිසා මෙලෙස තමන් වැඩ කල ස්ථානයේ ගබඩාව කඩා එහි තිබු දේපළ සොරාගෙන තම හිතවතාට ලබාදුන් බවයි.

සැකකරු සමග අත්අඩංගුවට පත් දේපළ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා 25 දින රාත්‍රියේ හම්බන්තොට වරාය පොලිසියට බාර දි ඇති අතර, සැකකරුගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකරු අද දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. (hiru)



from TODAY NEWS LK https://ift.tt/ILAQMXT
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.