Loading..

ෂම්මිගේ බල පරාක්‍රමය බිඳ වැටෙයි! ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්!

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.

අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.

එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි.

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/49rJTCZ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.