Loading..

පළතුරු වෙළඳසැලට කඩා වැදුණු පස් කන්ද

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලික පලතුරු වෙළෙඳසැලක් පිටුපස තිබූ පස් කන්දක් කඩා වැටී කාන්තාවක් මියගොස් තිබේ.

ඊයේ (04) රාත්‍රීයේ එම සිදුවී වාර්තා වී තිබුණේ මහනුවර – මහියංගනය මාර්ගයේ රඹුක්වැල්ල ප්‍රදේශයෙන් බව පොලීසිය පවසයි.

පොලීසියේ හා ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව පස් කන්දට යටවූ කාන්තාව සොයාගෙන තෙල්දෙණිය රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් අත්තේ, රඹුක්වැල්ල, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි එම පලතුරු වෙළෙඳසැලේ හිමිකාරිය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තෙල්දෙණිය පොලීසිය විසින් සිදුකරයි.



from TODAY NEWS LK https://ift.tt/WZJGYAz
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.