Loading..

මන්ත්‍රීකමෙන් පැන්නූ නසීර්ට ආණ්ඩුකාර ධූරයක්! තනතුරු රැසක වෙනස්කම් සිදුවන ලකුණු!

පළාත් ආණ්ඩුකාරවරුන් ගණනාවකට ස්ථාන මාරු ලබාදීමට රජය සැලසුම් කර තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා තනතුර අහිමිවූ හිටපු අමාත්‍ය නසීර් අහමඩ් මහතාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය පිරිනැමෙනු ඇති බවයි.

ඒ අනුව නැගෙනහිර වත්මන් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයටත් ඌව පළාතේ වත්මන් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා බස්නාහිර ආණ්ඩුකාර ධූරයටත් පත්කෙරෙනු ඇති.

එමෙන්ම දැනට බස්නාහිර ආණ්ඩුකාර ධූරය දරන හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට තානාපති ධූරයක් හිමිවීමට ඉඩ පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මෙම සියලු පත්වීම් සහ ස්ථාන මාරු ලබන ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට දැනට සාකච්ඡා කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/iOJ9MRm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.