Loading..

ජනතාවට සහනයක්! ජනවාරියේ සිට VAT බද්දෙන් නිදහස් වන භාණ්ඩ මෙන්න!

භාණ්ඩ වර්ග තිහක් ජනවාරි මාසයේ සිට වැට් බද්දෙන් නිදහස් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තිරිඟු පිටි, ළදරු කිරිපිටි, ඖෂධ හා ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද උපකරණ හා නිෂ්පාදන, කෘෂිකාර්මික ට්‍රැක්ටර්, පොහොර, බීජ හා පැළ වර්ග, ඉස්සන් ගොවි​පළ සඳහා භාවිතකරන ආහාර වර්ග මෙලෙස නිදහස් කිරීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.

තවද සත්ත්ව ආහාර, කුකුල් කර්මාන්තයට භාවිත කරන ආහාර, රෙදිපිළි කර්මාන්තයේ භාවිත කරන නූල්, අත්යන්ත්‍ර කර්මාන්තයේ භාවිත කරන ඩයි වර්ග ඇතුළු භාණ්ඩ තිහක් මේ ආකාරයට වැට් බද්දෙන් නිදහස් කිරීමට සැලසුම් කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/OH7vZAp
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.