Loading..

මැතිව්ස්ගේ දැවී යාම ගැටලු රැසකට මුල පුරයි! බංගලාදේශ මහාධිකරණයෙන් විශේෂ නියෝගයක්!

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හා බංගලාදේශ අතර තරගයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාම සිදු වූ ආකාරය මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ්ව තරගයේ විස්තර විචාරයේ යෙදුණු විචාරකයන් විසින් විවේචනය කිරීමට එරෙහිව අධිකරණය වෙත ගොනුකර තිබූ රිට් පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් විශේෂ නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ලෝක කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හිටපු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන වකා යුනිස් විස්තර විචාරක කටයුතුවලින් ඉවත්කිරීම‍ සඳහා ICCයෙන් ඉල්ලීමක් නොකිරීමට හේතු මොනවාදැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගෙන් එරට මහාධිකරණය ප්‍රශ්න කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ එහි සභාපතිවරයාට දින 10ක කාලයක් ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැවී යාම සිදුවන මොහොතේ විස්තර විචාරක කුටියේ සිටි වකා යුනිස් විසින් ශකිබ් කළ ඉල්ලීම ක්‍රීඩකයෙකුගේ හැසිරීමක් නොවන බව පවසමින් එය විවේචනය කිරීමට එරෙහිව එරට නීතිඥවරයෙකු වන Rahman Khan විසින් එම පෙත්සම ගොනුකර ඇත.

එය විභාගයට ගත් විනිසුරුවරුන් වන Mustafa Zaman Islam සහ Md Atabullah විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/BVdFPST
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.