ක්‍රිකට් ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් තමන් අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වාරියපොළ ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මම පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරනවා. දැන් කොහොමහරි බලන්නේ මට චෝදනාවක් ගොනු කරන්න. ඒ කාරණේ මොකක් ද? මොකක් ද කරන්න යන්නේ, මේකේ ඉලක්කය කියන එක මම හෙට පැහැදිලි කරන්නන්. මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ කුමක්ද? අරමුණ මොකක් ද ? මේකේ පිටිපස්සේ ඉන්න දූෂිත කල්ලිය කවුද ? මේ අය කරන්න යන්නේ මොකක්ද කියලා මම හෙට සජීවීව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 225ම හොරු කියලා. අපි ඒ ගොඩට වැටෙන්න කැමති නෑ.”
from TODAY NEWS LK https://ift.tt/lXWsHzC
via IFTTT


