Loading..

ජනප්‍රිය කළුවෙක් පොලිස් අත්අඩංගුවට

විදෙස් රැකියා නියෝජිත ආයතනයක ප්‍රධානියකු වශයෙන් පෙනී සිටිමින් ඉතාලි රාජ්‍යයේ නිකුත් කළ ලද විසා බලපත්‍ර බවට ව්‍යාජ ලේඛණ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරමින් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය සහය නළුවෙක් ඇතුලු තිදෙනෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකය විසින් පිටකොටුවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකාර නළුවා තදින්ම කැසිනෝ සුදුවට ඇබ්බැහිව සිටින්නකු බවත්, ඔහු දිනකට මිලියන ගණනක් මුදලක් කැසිනෝ ක්‍රිඩාවෙන් පරදින බවද පොලිසිය පවසයි.

පොලිසිය මගහරිමින් විවිධ ප්‍රදේශවල හෝටල්ල සැඟව සිටින සැකකරු ඩුබායි රාජයේ සංචාරයකට ගොස් පැමිණි පැය 24 ක් ගත වන්නට මත්තෙන් මෙලෙස අත්අඩංගුවට පත් වු බවද පොලිසිය පවසයි.

සැකකරු විද්‍යුත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි ආයතන රැසක මාධ්‍යවේදියකු , හා මාධ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු රැසක් හොඹවා ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.

චිත්‍රපට, ටෙලිනාට්‍ය, සහය නළුවකු වශයෙන් ද, වෙළඳ දැන්වීම්ල සැකකරු රඟපාන බවත්, ඔහු ඒවා අභාරණයක් කරගෙන මේ ආකාරයෙන් පුද්ගලයන් රවටා ඇති බවද පොලිසිය පවසයි.



from TODAY NEWS LK https://ift.tt/CoJBztY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.