දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 653ක සහ උප තැපැල් කාර්යාල 3,410ක සියලු සේවා කටයුතු අද දිනයේ ක්‍රියාත්මක නොවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
තැපැල් සේවකයින් ඊයේ පස්වරුවේ ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් ප්‍රවාහන කටයුතු සහ අද දිනයේ තැපැල් සේවා පැවැත්විමට අදාළ සියලු කටයුතු බිඳ වැටි ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ.
ඒ අනුව, අද දිනයේ දිවයින පුරා සියලු තැපැල් කාර්යාල වසා දමා ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.
from TODAY NEWS LK https://ift.tt/fwBjmFO
via IFTTT


