මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු පසුගිය 23 වනදා කොවිඩ් වැළඳී ජීවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වුණා.
නමුත් ඔහුගේ මරණයට හේතුව සිරෝසිස් රෝග තත්ත්වය බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු සඳහන් කළේ මෙම රෝගියා ගම්පොළ රෝහලෙන් මහනුවර රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවූ බවත් මෙම රෝගියාට දියවැඩියාව ඇතුළු රෝග කිහිපයක්ම වැළදී තිබූ බවත් මරණ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු බවත් වාර්තා වූ බවයි.
නමුත් ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ වෛද්‍යවරුන්ගේ මතයට අනුව එය කොවිඩ් මරණයක් නොවන බවයි.
from TODAY NEWS LK https://ift.tt/yciJ3PS
via IFTTT


