ශ්‍රී ලංකාවේ උපත ලබා ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය විකට නළුවෙකු වූ ‘බෝන්ඩා මනි’ අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු පසුගිය 23 වනදා රාත්‍රියේ චෙන්නායි නුවර පිහිටි නිවසේ දී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍යය පවසයි.
වකුගඩුවල පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු පසුගිය මාස කිහිපයේ අසනීප තත්ත්වයෙන් සිටි බව වාර්තා වේ.
මියයන විට 60 වන වියේ පසු වූ බොන්ඩා මනි දෙමළ සිනමාවේ චිත්‍රපට 250කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වී ඇත.
ඔහුගේ හාස්‍යජනක රංගනය දෙමළ සිනමාවේ රසිකයින්ගේ සිත් දිනාගත් දිනා ගත් අතර ඉංග්‍රීසි කරන්, රන්, මසායි, චානක්‍ය, වේලායුධම්, කුසේලන්, පාදිලිතවන්, තමිරභරණී, මරිදමාලෙයි ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට අතරට අයත් වේ.
බෝන්ඩා මනිගේ මුල් නම වන්නේ කේදීස්වරන් වන අතර ඔහු ඉපදී ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේය.
from TODAY NEWS LK https://ift.tt/iQaK2Yl
via IFTTT


