Loading..

සතොසට එවන බිත්තර පැයෙන් දෙකෙන් වාෂ්ප වෙයි

ආනයනික බිත්තර රුපියල් 35 ක මිලකට අද (20) සිට සතොස මගින් මිලදී ගැනීමට හැකි බව පැවසුවත් ඇතැම් ප්‍රදේශ වල සතොස අලෙවිසැල් වල බිත්තර නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

දිවයින පුරා බොහෝ ප්‍රදේශ වල සතොස අලෙවිසැල් වලට බිත්තර ලැබී තිබුණත්, කෙටි කාලයක් තුල තොග අවසන් වී ඇති බව ඔවුන් ප්‍රකාශ කළා.

මේ අතර, මිල ගණන් ඉහළ යාම සහ ඇතැම් ප්‍රදේශවල පවතින බිත්තර හිඟය හේතුවෙන් උත්සව සමයේ කේක් නිෂ්පාදනය සියයට 50 කටත් වඩා අඩුවනු ඇති බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසා සිටියේ බිත්තර ගැටලුව උත්සව සමයේ අනෙකුත් බේකරි නිෂ්පාදන වලටද විශාල බලපෑමක් එල්ල කර ඇති බවයි.



from TODAY NEWS LK https://ift.tt/JlMU3jm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.