Loading..

ටයර් විකුණන මුවාවෙන් කුඩු විකුණු නිවුන් තරුණියන්

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට සැකපිට මවක් සහ නිවුන් දියණියන් දෙදෙනෙකු වව්නියාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව පොලිසියට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය මිලදි ගැනීමට පැමිණ සිටි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදි අණාවරණ වු තොරතුරු අනුව මත්කුඩු බෙදාහැරීමේ නිරත වු තරුණියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් එකම පවුලේ නිවුන් සහෝදරියන් දෙදෙනෙකු බව හෙලිව ඇති අතර මෙම ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කාරිය වන ඔවුන්ගේ මවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඇය විසින් පවත්වාගෙන යන ටයර් වෙළෙදසැලකදියි.

24 පැය පුරා විවෘතව ඇති එම ටයර් වෙළෙදසැලේ සිට ඇය මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ. (hiru)



from TODAY NEWS LK https://ift.tt/lyqd16j
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.