Loading..

පාසල් සිසුන්ට අසභ්‍ය චිත්‍රපටි පෙන්වූ ගුරුවරයෙක් මාට්ටු

පාසල් සිසුන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වූ පාසල් ගුරුවරයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා සිය ජංගම දුරකතනයෙන් පාසල් සිසුන්ට අසභ්‍ය චිත්‍රපට පෙන්වන බවට ප්‍රදේශවාසියෙකු විසින් ළමා හා කාන්තා කාර්යංශයේ මුලස්ථානයට පැමිණිලි කර තිබූ බවයි බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව එම කාර්යාංශය කළ දැනුම් දීම මත එම සිද්ධියට අදාළ වනාතවිල්ලුව ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිටි ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළා.

ඔහු මදුරන්කුලිය – තොඩුවාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු වනවා.

සැකකාර ගුරුවරයා පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



from TODAY NEWS LK https://ift.tt/iFtXV9B
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.