Loading..

රජයේ සේවකයන්ට හිමි නිවාඩු සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු කිරීමට සැරසෙයි

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමි දින හතළිස් පහක් වන අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාව විසිපහ දක්වා අඩු කිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබේ.

එම නිවාඩු අඩු කරන ලෙස යෝජනා කර ඇත්තේ අනියම් නිවාඩු දින දහයක් සහ විවේක නිවාඩු පහළොවක් වශයෙනි.

විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදමෙන් සියයට එකොළහයි දශම හතරක් බවත් එම වියදම් කළමනාකරණය කිරීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායක විය යුතු බවත් සඳහන් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා යෝජනා හතළිහක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා පිළිබඳව සලකා බලා අවසන් තීරණයක් ගැනීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/WIBCbpR
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.