Loading..

මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යෑමේ අවදානමක්

මීතොටමුල්ල කුණු කන්ද යළි නාය යෑමේ අවදානමක්

මීතොටමුල්ල කසළ කන්ද ආශ්‍රිතව ‘‘වලාකුළු උද්‍යානයක්’’ ඇතුළුව රුපියල් මිලියන 3400ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇතත් එම කටයුතු බාර ගැනීමට මෙතෙක් කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි අනාවරණය වේ.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් මීතොටමුල්ල කසළ කන්ද 2017 වසරේදී කඩා වැටුණි. ඒ හේතුවෙන් පුද්ගලයන් එකොළොස් දෙනකු අතුරුදන් වී තවත් පුද්ගලයන් තිස් දෙදෙනකුට ජීවිත අහිමි විය. හෙක්ටයාර් අටක භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙන මෙම කුණු කන්දේ උස මීටර් 48කි.

මෙම කුණු කන්දෙන් නිසි ප්‍රයෝජනයක් නොගැනීම නිසා නැවත කඩාවැටීමේ අවදානමක් ඇතිවිය හැකි බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද සාකච්ඡාවට ලක්විය.

කුණු කන්ද තට්ටු පහක් ලෙස සකස් කර එහි උස මීටර් තිස් තුනක් දක්වා අඩු කර තිබෙන බවත් කුණු කන්ද සංවර්ධනය කර කෞතුකාගාරයක් නිවාස සංකීර්ණයක් ඇතුළුව සංවර්ධන ව්‍යාපෘති කීපයක් සිදු කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇති බව එහි නිලධාරීන් කියයි.

කසළ කන්ද ආශ්‍රිතව මෙතෙක් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නිරීක්ෂණය නොවන බැවින් එහි සූර්ය බල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි වන බවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් යෝජනා ඉදිරිපත් කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/OB38hlr
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.