Loading..

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරුට (ඡායාරූප)

පුත්තලම් දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් මෝටර් රථය කන්ටේනර් රථයක් පසුකර යෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහු සහ ආරක්ෂයා බරපතළ තුවාළ ලබා රෝහල් ගත කරන විටත් මිය ගොස් සිටි බව පොලිසිය පවසනවා.

කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද(25) පාන්දර 2ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/UrcZPBi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.