Loading..

අගමැති නිල නිවස, කෞතුකාගාරය ඇතුළු ස්ථාන රැසක් බදු දෙන්න සැරසෙයි

මෙරට අග්‍රමාත්‍යවරු සහ අමාත්‍යවරු නිල නිවසක් ලෙස භාවිතා කළ වසර 200ක් තරම් ඉපැරණි විසුම්පාය ඇතුළු කොළඹ නගරයේ රජය සතු ගොඩනැගිලි කිහිපයක් බදු පදනම යටතේ පෞද්ගලික අංශයට කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇතිබව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එස්.සත්‍යානන්ද පවසනවා.

ගෆූර් ගොඩනැගිල්ල,තේ කෞතුකාගාර ගොඩනැගිල්ල සහ ඩී.ආර්.විජේවර්ධන මාවතෙ පිහිටි අක්කර 03ක ඉඩම් දෙකක් ද ඒ අනුව බදු පදනම යටතේ ලබාදීමට නියමිත වෙනවා.

මෙම ගොඩනැගිලි සහ ඉඩම් සංචාරක ආකර්ශනීය ස්ථාන ලෙස සංවර්ධනය කර ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත් එම ගොඩනැගිලි වල පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානියක් නොවන ලෙස පෞද්ගලික අංශයේ සේවා සඳහා ලබා දෙන බවත් ලේකම්වරයා පවසනවා.

යූනියන් ප්‍රදෙසේ පිහිටි විසුම්පාය ගොඩනැගිල්ල හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක, හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, අනුරුද්ධ රත්වත්තේ, ලක්ෂ්මන් කදිරගාමර්, මංගල සමරවීර සහ මහාචාර්ය ජී.එල්.පීරිස් යන අමාත්‍යවරුන් සිය නිල නිවාස ලෙස භාවිතා කර තිබුණා.

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 27වන සෙනසුරාදා



from TODAY NEWS LK https://ift.tt/bUyxK6e
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.