ගර්භණී මව්වරුන් සඳහා වන පෝෂණීය ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සදහන් කළාය.
මේ වනවිට ගර්භනී මව්වරුන් 220,214 ක් සඳහා මසකට රුපියල් 4,500 බැඟින් මාස 10 ක් සඳහා පෝෂණ ආහාර මල්ලක් ලබාදීමට කටයුතු යොදා තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
මේ අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සඳහා වැටුපක් ලබාදීමට කටයුතු කරන බවද සදහන් කළාය.
පෙර පාසල් ගුරුවරියන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් මාසිකව රු 2500ක දීමනාවක් දැනට ලබා දුන්නද එම මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල් තවදුරටත් වැඩි කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
from TODAY NEWS LK https://ift.tt/KtjzdO2
via IFTTT


