Loading..

හෙද පුහුණුවට නවක සිසුන් බඳවා ගැනීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ සිසු හෙද පුහුණුවට තෝරාගැනීමට අදාළවයි.

ඒ සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණවලට අදාළ සියලු තොරතුරු මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් පිටුවේ පළ කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන දිනය, ස්ථානය සහ ඊට අදාළ සියලු තොරතුරු ලබා ගත හැකිය.

2019 – 2020 උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ විෂය ධාරාවලින් සමත් වී සිසු හෙද පුහුණුව සඳහා අයදුම් කර තිබූ සංඛ්‍යාව 4,000කට අධික බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඒ අතරින් සිසු හෙද පුහුණුවට තෝරා ගැනීම සඳහා මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 13 වනදා සිට පෙබරවාරි 18 වනදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.



from TODAY NEWS LK https://ift.tt/rwHld2K
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.