Loading..

ජනපතිගෙන් උතුරට පොරොන්දුවක්

උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතේ ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු විසඳීම සඳහා ක්‍රියාකාරී ආයතනයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවයි.

යාපනය දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්, ධීවර සහ ගොවි ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අතර හමුවක් ද පවත්වා තිබේ.

එහිදී යාපනය විශ්වවිද්‍යාලයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් වූ සංවර්ධන සැලැස්ම ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

නවීන තාක්ෂණය සමඟ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාල සිසුන්ගේ ඉංග්‍රීසී භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමුකර කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.



from TODAY NEWS LK https://ift.tt/HucZBQo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.