Loading..

CEYPETCO ඉන්ධන මිල ගණන් ඉහල දමයි

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

අද (01) අලුයම 05 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ගණන් සංශෝධනය කර ඇති බව එම සංස්ථාව සඳහන් කළේය.

පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464ක් බව එම සංස්ථාව සඳහන් කළේය.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ.

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.

කෙසේවෙතත් භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ



from TODAY NEWS LK https://ift.tt/hLO2VPB
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.