මේෂ
තරමක් නිදහස් මනසකින් ක්‍රියාකරයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තරමක් මිල මුදල් වැයවන අතර අලංකාර කටයුතු සැණකෙළි වැනි දේවල් වලද යෙදේ. ශිරෝගත රෝග මතු කරන දිනකි.
ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 03
වෘෂභ
තරමක් ගමන් බිමන් බහුල වෙයි. සුපුරුදු ක්‍රියාකාරකම්වලින් දුරස් වෙයි. ආගමික ක්‍රියාකාරකම් වල යෙදෙන අතර තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියාකිරීමට සිදුවන දිනකි. බෝවන රෝග, වෛරස් වැනි දේට හේතුයි.
ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07
මිථුන
ක්‍රියාකාරකම් බහුල වීමෙන් විවේකය හීන වෙයි. තරමක් වැයපසද ඉහළ යයි. විනෝද ගමන් වැනි දේවලටද හේතුයි. පොදු උත්සව සභාවන් යෙදේ. අමතර ලාභ ලැබීම් ගෙනදෙන දිනකි. මුත්‍රා රෝග, අශ්මරි රෝග මතු කරයි.
ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
කටක
ප්‍රීතිසාද උත්සව වැනි දේවල් වලට සහභාගිවීමේ අවස්ථා යෙදෙන ක්‍රියාකාරී දිනකි. විනෝදගමන්, දුරගමන් වැනි දේට හේතුයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියාකිරීමට සිදුවේ. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතුවේ.
ශුභ වර්ණය – කහ, ජය අංකය – 05
සිංහ
ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. පොදු සේවා ක්‍රියා, සමාජ සත්කාරක ක්‍රියා, ආගමික වතාවත් ආදියට හේතුයි. තම ව්‍යාපාරවල දියුණුවට හේතු කරුණු යෙදේ. දහමට ළැදිවෙයි. ආමාශගත රෝග සාදයි.
ශුභ වර්ණය – ලාදම්, ජය අංකය – 01
කන්‍යා
ශුභවාදී ඵල මතු කරයි. වන්දනාගමන් විනෝද ගමන් වැනි දේට හේතුයි. තරග තුරඟ වලින් ජය ලබයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. දහමට ළැදිව ක්‍රියාකිරීම ශුභයි. සිරසගත රෝග සාදයි.
ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
තුලා
ශුභා ශුභ මිශ්‍රඵල මතු කරයි. ප්‍රීති උත්සව වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. වන්දනා ගමන් යෙදේ. සතුරන් දමනය වෙයි. ආමාශගත රෝගවලට හේතුයි.
ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
වෘශ්චික
ශුභවාදී ඵල ගෙනදෙයි. ගමන් බිමන්ද බහුවෙයි. ආගමික උත්සවයකට සහභාගිවීමට හේතුයි. නවක මිතුදම් ඇතිවෙයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. සෙම් රෝගයකට හේතුයි.
ශුභ වර්ණය – රතු, ජය අංකය – 04
ධනු
කෙටි ගමන් බිමන් වල යෙදේ. තම සැලසුම් වලට අනුව ක්‍රියාකිරීමට අවස්ථා යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත කාලයද ධනයද වැයකිරීමට සිදුවෙයි. හදිසි ධනලාභද දෙයි. සෙම් කෝප රෝග, ඌෂ්ණ රෝග මතුවේ.
ශුභ වර්ණය – රෝස, ජය අංකය – 01
මකර
ප්‍රීතිසාද උත්සව වැනි දේවල් යෙදේ. රහස් සබඳතා වර්ධනය වෙයි. තරමක් ධනහානි ගෙනදෙන කරුණු යෙදේ. ඇසුරේදී ප්‍රවේශමද මැනවි. අමතර ලාභ ලැබීම් වලට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග සාදයි.
ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08
කුම්භ
ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ප්‍රීතිසාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තරමක් වැයපස අදික දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ඇතිවේ.
ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 07
මීන
ක්‍රියාශීලි දිනකි. පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. ආගමික උත්සව වැනි දේවලටද සහභාගි වෙයි. තැන්පත් ධනය වැයවන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතු කරයි.
ශුභ වර්ණය – දම්, ජය අංකය – 09
from TODAY NEWS LK https://ift.tt/bcS2CMi
via IFTTT


