දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල වන කරා පිටිය නව මාතෘ රෝහල මාර්තු මස දිනෙක සෞඛ්‍ය සේවාවට එක්වන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
බහු කාර්ය සංවර්ධන සහායක පුහුණුලාභීන් වශයෙන් බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ 93 කට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ |||) ශ්‍රේණියේ තනතුරට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ දින (31) පස්වරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
2024.01.05 සහ 06 යන දෙදින පවත්වන යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් 93 දෙනෙකු 2024.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස සෞඛ්‍ය කාර්ය සහායක තනතුරට පත් කෙරිනි.
කරාපිටිය මාතෲ රෝහල ඇදන් 600 කින් යුත් නවීන පහසුකම්වලින් යුක්තව ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය වැනි කිසිම රටක නැති දකුණු ආසියාවේ තිබෙන විශිෂ්ඨතම මාතෘ රෝහල බවට නොබෝ දිනකින් පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.
from TODAY NEWS LK https://ift.tt/tw8AUZM
via IFTTT


