ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලිය මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දින 14ක් පුරා පැවැත්වීමට නියමිත තරගාවලිය මාර්තු 8 වනදා ආරම්භ වේ.
මේ සඳහා රටවල් 8ක් නියෝජනය කළ ක්‍රීඩකයින් 100කට අධික ක්‍රීඩකයින් සංඛ්‍යාවක් සහභාගී වේ.
LCT T20 League Pvt Limited සමාගම විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලියට පාකිස්තානය, ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල ලෙජන්ඩ් ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායම් සඳහා වෙන්දේසි කරනු ඇත.
මෙවර තරගාවලිය කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
යුවරාජ් සිං, T.M. ඩිල්ෂාන්, සුරේෂ් රයිනා, ඒරොන් ෆින්ච්, ක්‍රිස් ගේල්, හර්බජාන් සිං සහ රොබින් උත්තප්පා මෙම තරගාවලියේ Icon ප්ලේයර්ලා ලා ලෙස සහභාගී වීමට නියමිතයි.
මෙම තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ ඉන්දියාවේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.
from TODAY NEWS LK https://ift.tt/IBMQ7AU
via IFTTT


