Loading..

ඇමති හරීන්ගේ වරදට මරණ දඬුවම ලබා දිය හැකියි

ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් යයි ප්‍රකාශ කිරීමෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා රාජාද්‍රෝහී වරදක් සිදු කර ඇති බවත් එය මරණ දඬුවම් බව ලබාදිය හැකි වරදක් බවත් පිවිතුරු හෙළ උරුම නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානය පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“හරින් ප්‍රනාන්දු ඇමතිතුමා ඉන්දියාවේ ගිහින් ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කරලා තිබුණා. මේක සෘජුවම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ස්වාධීනත්වය උල්ලංඝණය කිරීමක්. මේ ප්‍රකාශය එක පැත්තකින් ඇමතිවරයෙකු ලෙස පත්වීම ලබා ගැනීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබා දුන්නු දිවුරුම උල්ලංඝණය කිරීමක්. ඒ අනුව හරින් ඇමතිතුමා තවදුරටත් ඇමති ධූරය දැරීමට නුසුදුස්සෙකු වෙනවා. අනිත් පැත්තෙන් අපේ රට තවත් රටකට ඈඳීමට කටයුතු කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්. රාජද්‍රෝහි කියන්නේ සිය රාජ්‍යයට ද්‍රෝහිවීම මිස රජතුමෙකුට ද්‍රෝහිවීම නොවේ. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ රාජද්‍රෝහිත්වයට නියම කරලා තිබෙන දඬුවම මරණ දඬුවම. සරලව කිව්වොත් හරින් ප්‍රනාන්දු ඇමතිවරයා කරලා තිබෙන්නේ මරණ දඬුවම ලබා දිය හැකි වරදක්”



from TODAY NEWS LK https://ift.tt/7preHLh
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.