සමගි ජන බලවේගය විරුද්ධ වුවත් මාර්ගගත සුරක්ෂිත පනත පාර්ලිමේන්තුවේ අනුමත වී කතානායකවරයා මෙය සහතික කළත් මීට පෙර එම පනත් කෙටුම්පත් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට ලක් කර සිදුවිය යුතු සංශෝධන පාර්ලිමේන්තුවට ලබා දුන්නත් පෙනෙන ආකාරයට වත්මන් කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ කොටසක් මඟහරිමින් අවදානය යොමු නොකරමි අනීතිකව මෙම දේශපාලන නායකයෝ ආරක්ෂා කරන පනතට අනුමැතිය ලබා දුන් බව විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම පනත සමගි ජන බලවේග නිතිඥ කණ්ඩායමක් හරහා සිදු කරන ලද විශ්ලේෂණයෙන් අනාවරණය වූයේ ස්ථාන 9කදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පවසනවා.
කතානායකවරයා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බවත් ඔහුගේ හැසිරීම අශීලාචාර අනීතික ව්‍යවස්ථා විරෝධි බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉදිරියේදී කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සැරසෙන බවයි වාර්තා වන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) ‘ජවය’ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන අපේක්ෂ හමුවට එක්වෙමිනි.
from TODAY NEWS LK https://ift.tt/CXm4ut7
via IFTTT


