Loading..

විමල්, ගම්මන්පිල ප්‍රමුඛ කරගත් උත්තර ලංකා සභාගය කතානායකට එරෙහිව සජිත් සමඟින් එක්වෙයි

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබෙනවා.

ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන්නේ.

මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කිරීමේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා උත්තර ලංකා සභාගයේ මන්ත්‍රී කණ්ඩායමද සහාය පළකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

මෙම විශ්වාසභංග යෝජනාව ලබන මස 05 වනදාට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/0boQECm
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.