පෙර පාසැල් සේවය ද මෙරට ගුරු සේවයේම වෙනත් කොටසක් බවට පත්කරන්නේ යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
“මේ වන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සදහා වාර්තාවක් සකස් කර තිබෙනවා. ඒ සදහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදු වෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් මුල් ළමා විය සංවර්ධනය වෙනුවෙන් වෙනම අංශයක් ආරම්භ වෙනවා. පෙර පාසැල් සේවය මේ රටේ ගුරු සේවයේ වෙන කොටසක් බවට පත් කරනවා.”
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, වසර 25කට අධික කාලයක් අඛණ්ඩව පෙර පාසැල් ගුරුවරුන් ලෙස කටයුතු කළ ගාල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් ගුරුවරියන් සදහා මුළු දිවයිනටම බලපාන පරිදි සාම විසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් ගාල්ලේ පැවති උත්සවයකට ඊයේ (26) පෙරවරුවේ එක්වෙමිනි.
from TODAY NEWS LK https://ift.tt/rCHpxuM
via IFTTT



