Loading..

වේදනානාශක අධි මාත්‍රාවෙන් පානය කළ 27 හැවිරිදි දෙදරු මවගේ ඝාතකයා රෝහල්ගත කෙරේ

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී 27හැවිරිදි දෙදරු මව ඝාතනයේ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(16) රෝහල්ගත කර ඇත.

රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී ගෙල බෝතල් කටුවකින් කපා 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පෙරේදා රාත්‍රියේදීය.

ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවකි.

පොලීසිය සැක කරන්නේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි තරුණයෙකු විසින් බවය.

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි.

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැකපළකරයි.

ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රියේ මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණි.

එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට දුරකතනය ඔස්සේ පාපොච්චාරණය කර තිබුනි.



from TODAY NEWS LK https://ift.tt/TQELdby
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.