Loading..

තිලිණි ප්‍රියමාලිගෙන් හොර වෛද්‍ය වාර්තා! අධිකරණයෙන් දැඩි අවවාද!

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ලවී මහත් ආන්දෝලනයකට ලක් වූ ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග 3ක් කඩකිරීම් සම්බන්ධ නඩුවකදී වරද පිළිගැනීම හේතුවෙන් ඊයේ (15) ඇප මත මුදා හැරුණා. ඒ රුපියල් 1500ක දඩ මුදලකට සහ දැඩි අවවාදවලට යටත්වයි.

එම දඩ මුදල නොගෙවන්නේ නම් මහේස්ත්‍රාත්වරයා සති දෙකක දඬුවමක් නියම කළේය.

කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකාවක් වන තිළිණි ප්‍රියමාලිට රන් මාලයක් ගෙන නැවත ලබා නොදුන් බවට වන නඩුකරයක දී තිබු ඇප කොන්දේසියක් කඩ කරමින් දින තුනක් පොලීසියට වාර්තා නොකිරීම මත කොටුව පොලීසිය විසින් අධිකරණයට කරුණූ දැක්වීමෙන් අනතුරුව ඇය ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර එම නියෝගයෙන් අනතුරුව මෝසමක් ගොනුකරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ල අධිකරණයෙන් සමාව ගෙන ඇය සිටින බවට කළ දැනුම් දීම මත මහෙස්ත්‍රාත්වරයා ඇය පෙර ඇප මත මුදාහරින ලෙස නියෝග කළේය.

ඇය වෙනුවෙන් කරුණු දක්වමින් මුල් උත්තරවාදය ඉල්ලා අස් කරගන්නා බවත් නැවත මෙවැනි වැරිද සිදුනොකිරිමට වග බලාගන්නා බවත් නිතිඥ මඩුල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණ නියෝග ප්‍රකාරව කටයුතු නොකළ දින තුනට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කෙරුණු අතර මේවා හොර වෛද්‍ය වාර්තා බවට මහෙස්ත්‍රාත්වරයා දැනුම් දෙමින් මේවා මත සලකා ඇප නොදෙන බවත් අධිකරණයේ වරද පිළිගෙන සමහව ඇයැදීම මත සැකකාරිය මුදා හරින බවත් දන්වා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ලබන ජුලි මස 26 යළි කැඳවන ලෙස නියෝග කළේය. (lankaline)



from TODAY NEWS LK https://ift.tt/QEGW3y5
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.