Loading..

අමුතුම තාලයේ මුදල් මංකොල්ල කෑමක් පිළිබඳව හෙළිවෙයි! පොලිස් වෙඩි පහරින් මංකොල්ලකරුවෙකු මිය යයි!

නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවය.

මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව පොලීසිය පැවසුවේය.

අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට ඇති වූ සැකය මත ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබේ.

නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබිණි.

පොලීසිය පැවසුවේ එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති බවය.

එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබේ.

එමෙන්ම කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



from TODAY NEWS LK https://ift.tt/cpTmRNF
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.