Loading..

සහල් සහ ලූනු බදු අඩු කෙරේ

සහල් හා ලොකු ලූනු (රෝස ලූනු) ආනයනයේදී පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ පහත දමා තිබෙනවා.

ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර තිබේ.

එමෙන්ම ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.



from TODAY NEWS LK https://ift.tt/VjR6ay3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.