Loading..

ඉතා පහසු මුදලකට ඔයාගේ මූණ දාලා මුද්දරයක් හදාගන්න දැන් ඔයාටත් අවස්ථාවක්

තමන්ගේ රෑපය යොදා ගනිමින් මුද්දරයක් ලබා ගැනීමේ හැකියාව දැන් මහජනතාවට ලබා දී ඇති බවත් ඒ අනුව ඒ සඳහා කැමැත්ත දක්වන සියළු දෙනාට අවශ්‍ය කටයුතු මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවෙන් සිදුකර ගත හැකි බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.

ඔහු පවසන්නේ ඒ සඳහා අයකරනු ලබන්නේ රුපියල් 2000ක මුදලක් බවයි.

“මම හිතන්නේ කවුරුවත් දන්නේ නැතිව ඇති තමන්ගේ පින්තුරේ දාලා මුද්දරයක් ගහන්න පුලුවන් කියන එක. දැන් අපි අයකරන්නේ රුපියල් 2000යි මුද්දර 20ක ශීට් එකක් දෙනවා.

මේක සමහරවිට තමන්ගේ උපන්දිනයට වෙන්න පුළුවන්, තමන්ගේ යාළුවාගේ උපන් දිනයට වෙන්න පුළුවන්, තමාගේ දුවගේ පුතාගේ වෙඩින් එකට වෙන්න පුළුවන් වෙඩින් ඉන්විටේෂන් එක යවන්න ඒ දෙන්නාගේ පින්තුරය දාපු මුද්දරයක් ගහලාම යවන්න පුලුවන් හැකියාව තියනවා.

මේක සාමාන්‍ය තැපැල් මුද්දරයක් විදිහටම භාවිතා කරන්න පුළුවන්. මේ සම්බන්ධව අවශ්‍ය නම් අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගන්න පුලුවන්.



from TODAY NEWS LK https://ift.tt/Dn3Q910
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.