2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක ද වන ලිවියා වොයිට් ලොව ළාබාලතම බිලියනපතියා වෙයි.
බ්‍රසීල ජාතික යුවතියක වන ලිවියා වොයිට්ගේ වත්කම ඇමෙරිකන් ඩොලර් බිලියන 1.1 කි. WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇය කොටස්කාරියන වන බැවින් ඇයට මෙසේ ඩොලර් බිලියන ගණනක් උරුම වී ඇත.
WEG මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්තශාලා බ්‍රසීලයේ පමණක් නොව, ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ, ආජන්ටිනාවේ, කොලොම්බියාවේ, ඉන්දියාවේ, චීනයේ, පෘතුගාලයේ, දකුණු අප්‍රිකාවේ සහ ජර්මනියේ ඇත.
2024 වසර සඳහා ‘ෆෝබ්ස්’ සඟරාව ප්‍රසිද්ධ කළ බිලියනපතියන් ලැයිස්තුවේ සිටින බිලියනපතියන් අතරේ 25 දෙනකු අවුරුදු 33 අඩු අය වීම විශේෂත්වයකි.
ලිවියා වොයිට්ට අමතරව, 26 හැවිරිදි ඇගේ වැඩිමල් සොහොයුරිය ඩෝරා වොයිට් ද ළාබාලතම බිලියනපතියන් ලැයිස්තුවේ සිටිති.
from TODAY NEWS LK https://ift.tt/mJzt7Zg
via IFTTT


