Loading..

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම නියෝගයේ සඳහන්.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත මෙලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/ykEB7f1
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.