ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අප්‍රේල් මස 17 වනදා සිට ETA වෙබ් අඩවිය මඟින් වීසා අයදුම් කිරීම අවසන් කර ඇති බවයි, අදාළ නිවේදනයේ දැක්වා ඇත්තේ.
ඒ අනුව වීසා අයදුම් කිරීමේ දී https://ift.tt/IfbXGUd වෙබ් අඩවිය හා සමාන වෙනත් ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
ඒ හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන http://www.immigration වෙඩ් අඩවිය භාවිත කරන ලෙසටයි ඔවුන් ඉල්ලීමක් කළේ.
එහි මුල් පිටුවේ (Home Page) හි ඇති e-visa වෙබ් සබැඳිය පමණක් භාවිත කර මාර්ගත වීසා අයදුම් කරන ලෙසට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලීමක් සිදු කරනවා.
from TODAY NEWS LK https://ift.tt/VPWrB9w
via IFTTT


