Loading..

හෙට නිවාඩුව පිළිබඳ අපැහැදිලි තත්ත්වයක්! තීරණය ගැනීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරයි!

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අප්‍රේල් මස 15 වැනිදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනක් ලෙස ප්‍රකාශයට පත් කළා.

නමුත් එය බැංකු සහ වෙළඳ අංශවලටත් බලපානවා දැයි පැහැදිලිව සඳහන් නොකිරීම හේතුවෙන් බොහෝ පාර්ශව‍යන් විවිධ අපහසුතාවලට පත්ව සිටිනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ 15 වනදා රජයේ නිවාඩු දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කර ඇති බවයි.

එම නිවාඩුව ලබා දෙනවාද නැද්ද යන තීරණය බැංකු සහ වෙළඳ අංශ නියෝජනය කරන ආයතන විසින් ගත යුතු බවයි ඔහු පවසන්නේ.

ඇතැම් පෞද්ගලික ආයතන විසින් 15 වනදා නිවාඩුව ලබාදීමට කටයුතු කළද බැංකු නිවාඩු සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.



from TODAY NEWS LK https://ift.tt/ujecQJd
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.