මේ වන විට සරසවි තුළ අනධ්‍යන සේවක වර්ජනය පැවතියද ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවැසීය.
කොවිඩ් සමයේදීද විශ්වවිද්‍යාල පද්ධතිය වසා දමා තිබුණද මාර්ගගත ක්‍රමවේදය හරහා සිසුන්ට ඉගැන්වීම් කටයුතු සාර්ථකව සිදු කළ බවයි ඔහු සඳහන් කරන්නේ.
දරුවන්ගේ ඉගැන්වීම් කටයුතුවලදී අන්තර්ජාලය ඔස්සේ සියයට 25ක් හෝ සිදු කළ යුතු බවට චක්‍රලේඛයන් පවා නිකුත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම තම ඉල්ලීම් ලබා ගැනීම සිදු කළ යුතු වුවත් එමගින් දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට නොදැමිය යුතු බවද මහාචාර්වරයා පැවසුවේය.
The post රාජ්‍ය විශ්වවිද්‍යාල ඉගැන්වීම් කටයුතු මාර්ගගත ක්‍රමයට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/TxZ84Fw
via IFTTT


