ඉරාන ජනාධිපතිවරයා සහ විදේශකටයුතු අමාත්‍යවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය, උතුරු ප්‍රදේශයේ දී කඩා වැටී ඇති බව එරට රාජ්‍ය ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
කඩා වැටුණු යානයෙන් නිකුත් වූ සංඥා අනුව, කඩා වැටීම සිද්ධ වූ ප්‍රදේශය නිශ්චිතව හදුනා ගෙන ඇතත්, මේ දක්වා ගලවා ගැනීමේ කණ්ඩායම් අදාල ස්ථානය වෙත ළගා වී නැති බව පැවසේ.
අධික මීදුම සහ අයහපත් කාලගුණික කත්ත්වය ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා සහභාගී වී සිටින පිරිස් වෙත මහත් අභියෝගයක් වී තිබේ.
ජනාධිපතිවරයා සමඟ, එම හෙලිකොප්ටර් යානය තුළ පුද්ගලයන් දා හතර දෙනෙකු සිට ඇති බව වාර්තා වේ.
ඉරානයේ දැඩි මිතුරෙකු වන රුසියාව, පනස් දෙනෙකුගෙන් යුතු බල ඇණියක් සහ ගුවන් යානා දෙකක් ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා පිටත් කර යවා තිබේ.
The post ඉරාන ජනපතිගේ ජීවිතය අනතුරේ! යානය කඩා වැටුණු ස්ථානය සොයාගනී! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/KEFafjl
via IFTTT


