Loading..

ඉරාන ජනපති හා විදේශ ඇමති මිය ගිය බව තහවුරු වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ.

ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරට පත් හෙළිකොප්ටර් යානය තුළ අසර්බයිජානයේ සිට ආපසු පැමිණෙමින් සිටි ජනාධිපතිවරයා, ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ගමන් කර තිබිණි.

කලාපයේ පැවැති අපැහැදිලි කාලගුණය හේතුවෙන් යානය මෙලෙස අනතුරට පත්වූ බව වාර්තා වේ.

The post ඉරාන ජනපති හා විදේශ ඇමති මිය ගිය බව තහවුරු වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ISejBfY
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.